බිත්තර

අගමැති ඉල්ලීමකට අනුව නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර

නිරෝධායන මධ්‍යස්ථාන වල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද (2020.03.23)පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පනස්දාහක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පරිත්‍යාග කරන ලදී.

වත්මන් තත්වය සලකා බලා බිත්තර මිල අඩු කරන ලෙස සමස්ථ ලංකා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති හෙයින් ජනතාවගේ පහසුව සඳහා බිත්තර මිල අඩු කිරීමට සංගමය තීරණය කර ඇති බවද එම සංගමයේ සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා එහිදී පැවසීය.

සතොස සමුපකාර ආදී ආයතන හරහා පහසු මිලට බිත්තර මිල දී ගැනීමේ හැකියාව ඇති අතර මේ වෙන විටත් බිත්තර ලොරි 450 ක් දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ යෙදේ .

වැඩි මිලට බිත්තර විකුණන්නේ නම් 0372293300 යන පාරිභෝගික අංකයට දැනුම් දෙන ලෙස ද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *