නව අගමැති හෙට කැළණියේදී දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (09) උදෑසන දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිවුවැනි වතාවටය. 1970 වර්ෂයේ පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා වසර 50ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියයි. මේ වනවිට ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් ඇමැතිවරයකු ලෙසත්, තෙවරක් අගමැතිවරයකු ලෙසත් දෙවරක් ජනාධිපතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *