කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු තවත් සිව් දෙනෙකුට වරෙන්තු

කුරුණෑගල බුවනෙක රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානී සිදුකිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ වරෙන්තුව ලබාගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *