නවීකරණය කළ හමුදා වාහන 76ක් යළි සේවයට

භාවිතයෙන් ඉවත්කළ වාහන 76 ක් නැවත නවීකරණය කර  සේවයට එක කළ බව යුද හමුදාව පවසයි.

එම වාහන නවීකරණය කර නැවත සේවයට යොදවා ගැනීමෙන් මසකට රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් ඉතිරි වන බව යුද හමුදාව කියයි.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ මහතාගේ උපදෙස් පරිදි එම වාහන නවීකරණය කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කළ මෙම වාහන නැවත යුද හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීමෙන් යුද හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.

තවද මෙම වාහන නැවත භාවිතයට යෙදවීමෙන් යුද හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැයකරන රුපියල් මිලියන 10 ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමටත් එම මුදල් යුද හමුදාවේ සහ රටේ දියුණුව සඳහා යෙදවීමටත් හැකියාව ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *