ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයගත හැකි වූයේ තරග දෙකක් පමණි.
ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය සහ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය පමණි.
ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 23යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය වෙත ගියේය.
එහිදී Devon Conway ලකුණු 45ක්, Rachin Ravindra
ලකුණු 42ක් සහ Daryl Mitchell ලකුණු 43ක් රැස්කරගත්තේය.
Glenn Phillips ලකුණු 17ක් රැස්කරගනිමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනගියේය.
පන්දු යැවීමේදී මැතිව්ස් කඩුලු 2ක් දවාගත් අතර දුෂ්මන්ත සහ තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවාගත්තේය.