හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ රසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ පිළිරුවක් යාපනය, නල්ලූර්හි තිලීපන් අනුස්මරණ චතුරශ්‍රයෙන් පොලිසිය විසින් ඉවත් කර තිබේ.
තිලීපන්ගේ මරණයේ 39 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති සැමරුම් උත්සව අවසන් වී දිනකට පසු, ඊයේ (27) අලුයම මෙම පිළිරුව ඉවත් කර ඇති බව වාර්තා වේ.
අනුස්මරණ භූමියේ සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශනවල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පිළිරුව ඉවත් කරන ආකාරය දැක්වෙන බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, පිළිරුව ඉවත් කිරීමට හේතුව හෝ ඒ සඳහා පොලිසිය පදනම් කරගත් නීතිමය පදනම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
තිලීපන් 1987 සැප්තැම්බර් මාසයේදී නල්ලූර්හිදී උපවාසයක නිරතව සිටියදී මිය ගියේය. එහිදී ඔහු ඉන්දීය රජය වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.


