නඩු නොදා ඉන්න රු:500ක් ගත් සැරයන් වසර 4කට සිපිරිගෙට

රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී  රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයකුට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

රුපියල් 20000/-ක දඩයකටද විත්තිකරු යටත් කළ මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර පොලිස් සැරයන්වරයාට පැනවු  වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් කාලය වසරක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

පොලිස් රථවාහන අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශ වලින් අනතතුරුව විත්තිකාර පොලිස් සැරයන්වරයාට එරෙහිව අල්ලස් කොමිසම කළ විමර්ශනයකින් අනතුරුව ඔහුටඑරෙහිව නඩු පවරා තිබිණී.

රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී  රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලීම සහ රුපියල් 500/-ක අල්ලසක් ලබා ගැනීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව චෝදනා 04ක් යටතේ අල්ලස් කොමිසම නඩු පවරා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවති දර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුටට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා චෝදනා 04ටම විත්තිකරු වරදකරු බවට තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *