දිගුකාලීන සැලැස්මක් නොතිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටී ඇතිබව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පවසන්නේ 2014 වසරේදී 20/20 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව නිසියාකාර සැලැස්මක් අනුව ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමක් සිදුනොවීම නිසා එයට වර්තමාන තත්ත්වය උදාවී ඇති බවය.
පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේ, 2014 සිට 2019 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙක් ක්‍රීඩා කර ඇති බවය.