දඹුල්ලේ එළවලු මිල පහළ බැහැලා

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව  දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ   එළවලු තොග මිල පහත වැටි තිබේ .

ඇතැම් එළවලු වර්ග කිහිපයක් පමණක් ඉහළ යමින් පවතින බව  ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති. ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 800 ත් 850 ත් අතර   අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ කියති.

පසුගිය වසරේ ද අදවන් දිනක පැවති එළවලු මිල හා සැසදීමේදී එළවලු වර්ග බොහොමයක මිල සියයට සියයක් මිල ඉහලව පවතින අතර ඇතැම් එළවලු සම මිල මට්ටමක් පවතීම හා මිල අඩුවී ඇති බව පෙනීයයි.

අමුමිරිස් කිලෝව රුපියල් 800 ක් 900 ත් අතර  පැවතිණී  . එම මිල පසුගිය වසරේද පැවති මිල ගණන් වෙයි .වට්ටක්කා කිලෝව වසර දෙකම සැසදීමේදී ලොකු වෙනසක් නොමැත.

විශේෂයෙන් කන්ද උඩරටින් ලැබෙන කැරට් කිලෝවක්  230ත් 270   වූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය දා ලීක්ස්  කිලෝවක් රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය.

මේ වනවිට ලීක්ස් කිලෝවද 280 දක්වා   කන්ද උඩරට මෙන්ම පහත රට ප්‍රදේශවලින් වලින් ලැබෙන එළවළු තොග මිලද  පහළ ගොස්  ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  2025. 12 .29 දින එළවළු කිලෝවක පැවති තොග මිල පහත පරිදිවේ.

බෝංචි  800  ත් 850

ලීක්ස් 300 ත් 350

කැරට්   250 ත්  270

ගෝවා  200 ත් 250

තක්කාලී  380. 400

රාබු  100 ත් 150

කැකිරී  100 ත් 120

පිපිඤ්ඤා   80ත් 100

වැටකොලු    350 ත් 400

බණ්ඩක්කා  200 ත් 260

පතෝල 350 ත් 400

වම්බටු   350 ත් 550

අමු මිරිස් 800ත් 850

මැකරල් 400 ත් 450

මාළු මිරිස්  1400 ත් 1600

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ 2024.12. 29 දින එළවළු කිලෝවක පැවති තොග මිල

බෝංචි  350  ත්400

ලීක්ස් 250 ත් 270

කැරට්   160 ත්  270

ගෝවා  100 ත් 130

තක්කාලී  280. 300

රාබු  60 ත් 120

කැකිරී  50 ත් 80

පිපිඤ්ඤා   100ත් 110

වැටකොලු    160 ත් 240

බණ්ඩක්කා  50 ත් 60

පතෝල 150 ත් 200

වම්බටු   350 ත් 400

අමු මිරිස් 850ත් 1000

මැකරල් 150 ත් 250

මාළු මිරිස්  550 ත් 750

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *