දඩ ගෙවීම ඔන්ලයින්

පවතින කොරෝනා වාතාවරණයත් සමග දඩමුදල් ගෙවීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මෙලෙස දඩ මුදල් ගෙවීමට අවස්ථාව හිමිවන බව ඔහු ප්‍රකාශ කරයි.

එහිදී තම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත ආධාරයෙන් අදාළ දඩ මුදල එම අවස්ථාවේදීම ගෙවීමට අවස්ථාව හිමිවන අතර එහි රිසිට්පතක් එම අවස්ථාවේ දඩය ලබාදුන් පොලිස් නිලධාරියාගේ දුරකතනයට ලැබෙන ආකාරයේ ක්‍රමවේදයක් සකසමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *