දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිට වසර 15ක සිර දඬුවම්

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජාකොබ් සූමාට එරට ව්‍යවස්ථා අධිකරණය මගින් මාස 15 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ, ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේ සිදුවූ දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් සදහා ඉදිරිපත් වන ලෙස ලබාදුන් නියෝගය නොසලකා හැරීම හේතුවෙන්.

හිටපු ජනාධිපතිවරයාට පොලීසියට භාරවීම සදහා දින 05 ක කාලයක් ලබා දී ඇති අතර එලෙස පොලීසියට භාර නොවුනහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2009 වසරේ සිට 2018 වසර දක්වා දකුණු අප්‍රිකානු ජනාධිපති ධූරය දැරූ සූමාගේ පාලන කාලය තුළ ඔහුට නිරන්තරයෙන් දූෂණ චෝදනා එල්ල වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *