සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ ඉනිමකින් සහ ලකුණු 273ක දරුණු පරාජයක් අත්වීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදු විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිසය කඩුලු 06ක් දැවී ලකුණු 575ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලකුණු 159ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමටද සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණී.