Postal vote LK reports

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීම ඇරඹෙයි – තැපැල් ඡන්දය 31 හා 1 වැනිදා

මෙරට හත්වැනි විධායක ජනපති තෝරාගැනීම සඳහා එළැඹෙන නොවැම්බර් 16වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් කාර්යාල වෙත ලැබුණු තැපැල් ඡන්ද පති‍්‍රකා තේරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව තැපැල් ඡන්ද පති‍්‍රකා අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදාහැරීමේ කටයුතු  ද මේ වනවිට ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 වැනිදා සහ නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිතය. පොලිස් ස්ථානවල සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා නොවැම්බර් 04 සහ 05 යන දෙදින වෙන්කර ඇත. එම දිනවලදී නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයන් හට නොවැම්බර් මස 07 වැනිදා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ති‍්‍රක්කයේ, දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය ලබාදිය හැකි බව  මැතිවරණ කොමිසම සඳහන් කර ඇත.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීම සඳහා ලබන 25 වැනිදා තැපැල් කාර්යාල වෙත බාරදීමට නියමිත බව වාර්තා වේ. අදාළ පත්‍රිකා බෙදාහැරීම විශේෂ දිනයක් ලෙස සලකා නොවැම්බර් 3වැනිදාද සිදුකිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි ප්‍රකාශ කර සිටී. එම දිනවලින් පසු ඡන්ද පත්‍රිකා නොලැබුණු නිවෙස්වල අයට තම ආසන්නතම තැපැල් කාර්යාලයට පැමිණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමේ හැකියාව ඇතැයිද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *