ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණනය පරස්පරයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් තුන්වන රැල්ලේදී ආසාදිතයින් 8,200ක් හඳුනාගෙන ඇති බව  දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා මහතා පැවසීය.

කෙසේවෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව එම දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 3,600ක් ලෙසය.

වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා මහතා පැවසුවේ තුන්වන රැල්ල තුළ එම දිස්ත්‍රික්කයේ මරණ 200කට අධික ගණනක් වාර්තා වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *