ත්‍රිත්ව විද්‍යාලයෙන් ලකුණු අඩු නොකෙරේ

ත්‍රිත්ව විද්‍යාලය සහිරා විද්‍යාලයට එරෙහිව පැවති ඩයලොග් පාසල් වයස අවුරුදු 19න් පහළ රග්බි ලීග් තරගයේදී කොළඹදී ඔවුන්ගේ ක්‍රීඩකයින් 7 දෙනෙකුට වෛද්‍ය ප්‍රශ්න මතුකරමින් සහිරා විද්‍යාලයට එරෙහිව පැවති තරගයෙන් ඉවත්වීමෙන් පසු ලීග් තරඟවලදී ලබාගත් ලකුණු ප්‍රමාණයෙන් අඩු නොකරන බව තීරණය විය.

සහිරා විද්‍යාලය විරෝධය දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් පසුගිය සති අන්තයේ කොළඹදී පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි අවසන් තීන්දුව වූයේ ත්‍රිත්ව විද්‍යාලයට ලීග් තරගවලදී ඔවුන් උපයාගත් ලකුණු සංඛ්‍යාවෙන් කිසිදු ලකුණක් අඩු නොකරන බවයි. තවද ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කිරීමට සුදුසු නොවූ අතර, නීතිරීතිවලට අනුව කණ්ඩායමකට ඔවුන්ගේ වයස අනුව වයස අවුරුදු 16න් පහළ ක්‍රීඩකයින් ඉදිරි පෙළට ඇතුළත් කළ නොහැක.

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගයේදී ත්‍රිත්ව විදුහල ඉසිපතන පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.

මේ අතර ත්‍රිත්ව විදුහල සහිරා වෙත ලිඛිතව දන්වා ඇති අතර පාසල් දෙකම එකඟ වුවහොත් අගෝස්තු 19 වැනිදා මරදානේදී පැවැත්වීමට ඉඩ ඇති ඔවුන්ගේ කල් දැමූ රග්බි තරගය පිළිබඳ තහවුරු කිරීමක් බලාපොරොත්තුවෙන් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *