තවත් සයිනොෆාම් එන්නත් මාත්රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
චීනයේ බීජිං නුවර සිට ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්රා තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
මෙම එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්රා තොගය වෙයි.