තවත් චීන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද මෙරටට

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුණි.
එම එන්නත් තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 869 දරන ගුවන් යානය අලුයම 5 යි 2 කට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන මෙරටට රැගෙන ආ දෙවන එන්නත් තොගය වේ.

එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයට එක් වූ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් පවතින ගැටලුවද එළඹෙන ජූලි මාසය වන විට විසදා ගැනීමට හැකි වනු ඇති බවයි.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,00 ක් ලබන සිකුරාදා මෙරටට ලැබීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන වැඩි දුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *