ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමේ

සිසුන් පිරිසකට ඩෙංගු වැළදීම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන් සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව ඊයේ මෙම තීරණය ගත් බවයි.

මේ අතර ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් හේතුවෙන් සියලුම පීඨ සති දෙකක කාලයක් වසා තැබෙන බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කළා.

සිසුන් ඩෙංගු රෝගයට ගොදුරුවීම හේතුවෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ද මීට පෙර තාවකාලිකව වසා දැමීමෙන් අනතුරුවයි මෙම වසා දැමීම සිදුව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *