ඩුබායි යන්න ආ විශ්‍රාමික ගුවන් සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක්

ඩුබායි වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ තිබූ ටී – 56 උණ්ඩයක් , ගුවන් තොටුපොළ  පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු පරිලෝකන යන්ත්‍ර   පරීක්ෂා කිරීම  සිදු කරමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

ඇය කුරුණෑගල , නිකදළුපොත , හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකි .

ඩුබායි හි වාසය කරන සිය අක්කා දැක බලා ගැනීම සදහා යාමට මෙම විශ්‍රාමික නිලධාරිනිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇයගේ ගමන් මලු පරිලෝකන යන්ත්‍ර මගින් පරීක්ෂා කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙම ජීව උණ්ඩය සොයා ගෙන තිබූ අතර පසුව ඇය මේ පිළිබඳ විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී ඇය ප්‍රකාශයක් ලබා දෙමින් මෙම උණඩය තම අත් බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *