තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි

කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරිගේ සිරුර තැපැල් කාර්යාලය තුළ  බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ  වල්ගම්මුල්ල ,අලිවලපල්ල පදිංචිව සිටි කේ ඉසුරු ජනනී චාතුල්‍යා ගුණවර්ධන නැමැති 21 හැවිරිදි  තරුණියයි.එල්ලෙමින් තිබූ මළ සිරුර  ආසන්නයේ මේසයක් මත   ඇය පරිහරණය කරන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයේ කැමරාව සිරුර දර්ශනය වන අයුරින්   ක්‍රියාත්මකව තිබූ  බව පොලිසිය සඳහන් කරයි.

ඇය විසින් ලියන ලද ලිපියක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.‍ෙකොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට උප තැපැල් කාර්යාලයේ රැකියාව සඳහා පැමිණෙන ඇය  සවස 6 පමණ වනතෙක් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඥාතියකු පැමිණි අවස්ථාවේදී තැපැල් කාර්යාලයේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබෙන අයුරුත් දෙවෙනි දොරටුව අභ්‍යන්තරයෙන්  වසා දමා තිබෙන අයුරුදු දැක 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක්  කර තිබූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *