කෑම අස්සේ කුඩු ගෙන ගිය කාන්තාවෝ දෙකක් මාට්ටු

උපක්‍රමශිලිව කෑම පාර්සල් දෙකක මත් ද්‍රව්‍ය සඟවා වාරියපොළ බන්ධනාගාරයට ගෙන ගිය කාන්තාවන් දෙදෙනකු බන්ධනාගාරභාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වාරියපොළ පොලිසියට භාර දී ඇත.

බන්ධනාගාරගතව සිටින ස්වාමි පුරුෂයා බැලිමට වාරියපොළ බන්ධනාගාරයට ප්‍රත්තලම නාගූර් මස්ජිත් ප්‍රදේශයේ සිට පැමිණි කාන්තාවක් සමග ඇගේ නැගණිය  ආහාර පාර්සලයේ මත්ද්‍රව්‍ය සඟවා ගෙන ඒම නිසා ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී ඇත.

මෙලෙස පොලිසියට භාර කළ වයස අවුරුදු 39 සහ 31 කාන්තාවන් දෙදෙනා කෑම පාර්සල් දෙකක එක් පාර්සලයක මිලිග්‍රෑම් 1136 ක් සහ මිලිග්‍රෑම් 1001 වශයෙන් බන්ධනාගාරය තුළට ගෙන යාමට උත්සහා දරා ඇත.

බන්ධනාගාර අධිකරි එල්.පි වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාරියපොළ පොලිසියට බාර දී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *