ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම බන්ධනාගාර රෝහලට ඊයේ(29) ඇතුළත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

ඥානසාර හිමියන් පපුවේ අමාරුවකින් පෙළන්නේ යැයි දැනුම්දීමෙන් පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය මෙම දඩුවම නියම කළ අතර ඥානසාර හිමියන්ව ඊයේ පස්වරු 2.00 ට පමණ වැලිකඩ බන්ධනාගරයට රැගෙන ආවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *