අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇති සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබේ.
ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
එම සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මීට පෙර විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ඥානසාර හිමියන්ට නියම කර ඇති සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන් වරදකරු කරමින් අදාළ සිර දඬුවම නියම කර තිබිණි.


