ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) අතර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා තිබේ.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ හා වාණිජ කටයුතු සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ.
එහිදී දැනට ක්‍රියාත්මක ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) තවදුරටත් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර ඇත.
එම සාකච්ඡා ඵලදායී වූ බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කර තිබේ.


