ජැෆ්නා කණ්ඩායමෙන් කොළඹට ප්‍රබල ප්‍රහාරයක්

LPL තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ;ලකුණු 146ක් රැස්කරගත්තේය.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 9කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් අගනා ආරම්භයක් ලබාගත් නිශාන් මධුෂ්ක ලකුණු 46ක් රැස්කරගත්තේය.

ඒ අනුව තරගයේ පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේ ලකුණු 150ක් රැස්කරගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට ජැෆ්නා කණ්ඩායම සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *