ජාතික ටයිකොන්ඩෝ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කළ ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම දිනාගැනීමට සමත් විය.

නිට්ටඹුව, වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණවේදී පැවැති මෙම තරගාවලියේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම කාන්තා ශූරතාවය ද, ගුවන් හමුදා පිරිමි කණ්ඩායම පිරිමි අනු ශූරතාව ද, දිනාගත්තේය.

තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියෝන් ලී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා මහතා ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *