ජුලි මාසයේ පැවති මහජන විරෝධතාවයේදී ජනාධිපති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළවලට අලාභ හානි සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
ජුලි 09 වනදා පැවති මහජන විරෝධතාව අතරතුර සහ ඉන් අනතුරුව වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) පරීක්ෂණ පවත්වයි.
CCTV දර්ශන සහ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයින් 32 දෙනෙකු සිටින්නේ කොහිදැයි තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය පවසයි.
නිකුත් වූ ඡායාරූපවලින් බහුතරයක් ශ්‍රී ලංකා ජනාධිපති පුටුවේ වාඩි වී සිටින සැකකරුවන් ය.
ඒ අනුව අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා ඇත.
තොරතුරු දන්නා මහජනතාවගෙන් 071-8591559 / 071-8085585 / 011-2391358/ 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය අමතන ලෙස ඉල්ලා ඇත.