තමන් බලයට පත්වීමෙන් පසු ඇතැම් දෙනෙකු සිය පුද්ගලික ඉල්ලීම් ඉටු නොවූනාය කියා රජය සමග අමනාප වී තිබෙන බවත් ඔවුන් දැන් රජය විවේචනය කරමින් රජය ආසාර්ථකයි යන මතයක් ජනගත කරන්නට උත්සහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා,
“අපට සෞභාග්‍ය උදාකර ගත හැක්කේ නිසි සැලැස්මක් ඇතිව වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි. ලංකාවේ ඉතිහාසය ලියැවෙන විට අප මේ ගත කරන කාලය මොනතරම් දුෂ්කරද යන්න සඳහන් වේවි. නමුත් ඒ දුෂ්කරතා මැද අප සාර්ථකව ඉදිරියට යනවාද නැද්ද යන තීරණය කිරීමේ වගකීම තිබෙන්නේ ඔබ අතේයි.
මා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී මට සහයෝගය දුන් බොහෝ දෙනා මගෙන් ඉල්ලුවේ රට පෙරදැරිකර ගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කලේ නැහැ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවූනාය කියා රජය සමග අමනාප වී තිබෙනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා. රජය ආසාර්ථකයි කියන මතයක් ජනගත කරන්නට උත්සහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා මාගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාගයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි.
මම එදාමෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සුදානම්. මම මගේ වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකිම භාරගන්නට සුදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණ ඉටු කර ගන්න සහය දෙයි කියා විශ්වාසකරන බවයි” මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ