ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(20) තෙදින නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යාමට නියමිතය. ජපාන අධීරාජ්‍යයා ලෙස පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් ලද නිල ආරාධනයක් අනුව එසේ ජනපතිවරයා ජපානයට යන බව වාර්තා වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිත අතර ටෝකියෝහි ඉම්පීරියල් රජ මාලිගයේදී ලබන අඟහරුවාදා මෙම උත්සවය පැවැත්වේ. ජපන් අධිරාජයා විසින් සියලු රාජ්‍ය නායකයින් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීමට නියමිතය.