චීනයෙන් ගතවූ පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු හා මරණ 7ක් වාර්තා වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඇතිවූ මෙම තත්ත්වය හමුවේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ දෙවන වරටත් පැතිර යාමේ අවදානමක්දැයි සෞඛ්‍ය බලධාරීන් සැක පළකරනවා. නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මූලාරම්භය සිදු වු බවට සැලකෙන වූහාන් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු සතියකට පමණ පසු වාර්තා වීම ද විශේෂත්වයක්.
චීනයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 81,171 ක්. එමෙන්ම ආසාධිතයින් 3,277 ක් මරණයට පත්ව තිබේ.