ගෙන්වීමට සැරසෙන ඖෂධ 47ක් ගැන චෝදනාවක්

ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, මෙමගින් මෙරට සෞඛ්‍ය සේවාවට සහ පුරවැසියන්ට වාසි සහගත වන්නේ කෙසේද යන්න ඇමතිවරයා විසින් පැහැදිලි කළ යුතු බවය.

ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම හරහා නැවත වරක්   ඖෂධවල ප්‍රමිතිය සහ තත්ත්වය බාල කිරීමක් සිදුවිය හැකි බවද රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *