ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, අබේවික්‍රම මහතා 2024 ඔක්තෝබර් මාසයේදී එම තනතුරට පත් වූවද, සංවිධානය තුළ සිදුවීමට නියමිත ආයතනික ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

එතුමාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එම ධුරයේ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *