කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම සඳහා වන මුලික අදියරේ සැලැස්මක් ලෙස මෙම මස 26 වෙනිදා සිට ලබන ජනවාරි මස 19 වෙනිදා දක්වා යලි සංචාරකයින් මෙරටට රැගෙන ඒම සඳහා අවසර ඉල්ලා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අද දිනයේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම කාල සීමාවේදී කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන් තොටුපොළවල් සඳහා සංචාරකයින් රැගෙන එන ගුවන් යානා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය කිරීම අත්හිටුවීමට ද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සිදුකළ ඉල්ලීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.