එංගලන්තයෙන් හඳුනාගෙන ඇති ‘නව කොවිඩ් වෛරස ප්‍රභේදය’ ලංකාවට පැමිණීමේ අවදානමක්

එංගලන්තයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටද පැමිණීමේ අවදානමක් පවතින බව විද්වතුන් පෙන්වා දෙනවා.

එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකළ යුතු බවයි රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා සංගමයේ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න පෙන්වා දෙන්නේ.

දැනටමත් මෙම වෛරසය පැතිරයාම හේතුවෙන් යුරෝපා රටවල් මෙන්ම දකුණු අප්‍රිකාව, තුර්කිය, ඊශ්‍රායලය මෙන්ම ඉන්දියාවද, බ්‍රිතාන්‍ය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

එසේම මෙම නව වෛරස් ප්‍රභේදය ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ඇතුලු තවත් රටවල් කිහිපයකින්ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතා වේගයෙන් පැතිරයාම නව වෛරස් ප්‍රභේදයේ විශේෂත්වය බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න කියා සිටියා.

විශේෂයෙන් එංගලන්තය වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේදී මෙම වෛරස් ප්‍රභේදය පැතිර යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *