ගුවන්තොටුපොළ ලබන 23 වැනිදා සිට විවෘත වේ

ජනවාරි 23 වැනිදා සිට ගුවන්තොටුපොළ නැවත විවෘත කිරීමට රජය සූදානම් වේ. ඒ අනුව සාමාන්‍ය ගුවන් ගමන් වෙනුවෙන් ගුවන්තොටුපොළ විවෘත වනු ඇත. දැනට ක්‍රියාත්මක වන සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ සංචාරකයන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවළේ ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව රජය මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධ සාකච්ඡා සංචාරක, සෞඛ්‍ය, ආරක්ෂක යන අමාත්‍යාංශවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සති අන්තයේ පැවැත්වී ඇති අතර, ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.වී. චානක පවසන්නේ එම සාකච්ඡා වලට අනුව සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපොළ ජනවාරි මස අග දී විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ නව සාමාන්‍යකරණයට අනුගත වෙමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර කාර්යාල සහ ආයතන පවත්වාගෙන යෑම රජයේ අපේක්ෂාව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *