ගම්පහ පිරිසිදු කරයි

දින කිහිපයක් ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව මත ඇතිවූ ගංවතුර ගැලීම හේතුවෙන් අප ජලය මුසුව අපවිත්‍ර වූ ගම්පහ නගරය පවිත්‍ර කිරීමට මහ නගර සභාව පියවර ගනු ලැබීය.

නගරාධිපති එරික් එදිරිවික්‍රම මහතාගේ මඟපෙන්වීම මත නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් පවිත්‍ර කිරීමට කටයුතු කළ අතර ජල බව්සර් යොදා නගර සීමාව පවිත්‍ර කිරීමට පියවර ගනු ලැබිණි.

ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් කුමාර මහතා ඇතුලු සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය සහ ගිනි නිවීමේ ඒකකය මගින් මෙම කටයුතු සිදු කළ අතර නගරාධිපතිවරයාද සෘජුමව මීට එක්ව සිටි ආකාරයක් දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *