ගතවූ පැය 24 තුළද මෙරට දෛනික ආසාදිතයින් 3200 සීමාව පසුකර ඇත.
ආසාදිතයින් 3297ක් සහ මරණ 42ක් වාර්තා විය.
මෙලෙස දෛනික ආසාදිතයින් සීමාව අඛණ්ඩව 3,000 සීමාව පසුකර ගොස් ඇත්තේ සංචරණ සීමා කාලයේ වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවට ද, අමෙරිකාවෙන් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොගයක් හිමි වීමට නියමිතයි.
කෙසේවෙතත්, අමෙරිකාවෙන් එලෙස මෙරටට හිමිවන කොරෝනා එන්නත් වර්ගය කුමක්ද යන්න හෝ කොපමණ එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මෙරටට හිමිවන්නේ ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අමෙරිකාව එලෙස ලබාදෙන කොරෝනා මර්දන එන්නත් මාත්රාවලින් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට ද හිමිවීමට නියමිතව ඇත.