ගත වූ පැය 24ට නිරෝධායන රීතින් කැඩූ 1028 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු  ගතවු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 158ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ අතර මහනුවරින් පුද්ගලයින් 108ක් හා නිකවැරටිය ප්‍රදේශයෙන් 93දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 25,886 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අත්‍යවශ්‍ය නොවන ලෙස කොළඹ නගරයට ඇතුළුවීමට උත්සහ කළ වාහන 976 ක් ඊයේ දිනය තුළ ආපසු හරවා යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *