අද පාර්ලිමේන්තුව රැස් වේ

පාර්ලිමේන්තුව අද උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇත.

අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සභාවාරය සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරුන් දෙදෙනාට හෙට දිනයේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇත.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

ඒ අනුව කථානායකවරයාගේ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වෙතත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙතත් භාරදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *