ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය නොකරන බවට අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පවසයි

තමා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වැරදි ලෙස යොදා ගනිමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට ඇතැම් පාර්ශ්ව වැරදි මතයක් සමාජගත කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් 38,000 සේ සිට 45,000 දක්වා වැඩි කිරීමටත්, බැරල් ලක්ෂයක ධාරිතාවක් සහිත නව පිරිපහදුවක් සපුගස්කන්දේම ඉදි කිරීමටත් මේ වනවිට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *