කොළඹ ඇල්ටෙයාර් මහල් නිවාසයකින් සිසුන් දෙදෙනෙකු වැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ

කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පිරිමි සහ ගැහැණු ළමුන් දෙදෙනෙක් අඟහරුවාදා සවස කොම්පන්න වීදිය Altair මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වන මහලෙන් පැන සියදිවි හානිකරගෙන ඇති බවට සැක කෙරේ.

මියගිය අය වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය හඳුනාගෙන ඇත.

පොලිස් පරීක්ෂණවලට අනුව මෙම සිසුන් දෙදෙනාම ජාත්‍යන්තර පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන අතර පාසල් වේලාවෙන් පසු එම ගොඩනැගිල්ලේ පැවති සාදයකට සහභාගී වී ඇත. මෙම සාදයට සිසුන් 100ක් පමණ පැමිණ සිටි බව වාර්තා වේ.

සිසුන් දෙදෙනා 67 වැනි මහලෙන් බිමට පැන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ අතර පොලිසියට ඔවුන් 3 වැනි මහලේ තිබී සොයාගෙන ඇත. 67 වැනි මහලේ තිබී සිසුන්ගේ පාවහන් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇත

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පන්න වීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *