කොවිඩ්-19 නිසා ක්‍රිකට් ක්‍රීඩකයකු ජීවිතක්ෂයට

පාකිස්තානය වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරඟවලට සහභාගි වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සෆාර් සර්ෆ්‍රාස් කොවිඩ්-19 ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මිය යන විට ඔහු 50 වන වියේ පසුවුණි.

කොවිඩ්-19 ආසාදනය වීම නිසා පේශාවර් නුවර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට යොමු කර සිටි ඔහු පසුගිය දින 3 ගත කර ඇත්තේ වෙන්ටිලේටර් යන්ත්‍රයක ආධාරයෙන්.

පාකිස්තාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩක අක්තාර් සර්ෆ්‍රාස්ගේ සොහොයුරා ද වන ඔහු, වමත් මැදපෙළ පිතිකරුවෙකු ලෙස පේශාවර් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරඟ වලට සහභාගි වූ ක්‍රීඩකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *