මුදල් අමාත්‍යාංශයේ අධ්යක්ෂවරුන් තිදෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ කටයුතු අඩපණ වී ඇත. එම නිසා අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මේ වන විට වසා දමා තිබේ. අනෙක් දෙපාර්තමේන්තු මට්ටමින් අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති අතර පෙරේදා දිනයේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජෛව සාම්පල ලබාගත් පුද්ගලයන් 5 දෙනකුගෙන් 4 දෙනකුටම වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් උද්ගතවි ඇති තත්වය මත අමාත්‍යාංශ පරිශ්‍රය මුළුමනින්ම වසා දැමීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවටත් තොරතුරු වාර්තා වේ.