කොවිඩ් ආසාදිත අලෙවි නියෝජිතයෙක් නගර කිහිපයක වෙළෙඳසැල් 400ක ආසන්න සංඛ්‍යාවකට පැමිණ තිබීම හේතුවෙන් එම වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. මෙම අලෙවි නියෝජිතයා ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, කොස්සින්න හා පේරාදෙණිය යන නගරවල වෙළෙඳසල් වලට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම නියෝජිතයා පැමිණ ඇති වෙළඳසල් 400න් වෙළඳසල් 120ක් ම ගම්පොළ නගරයේ බවටයි වාර්තා වන්නේ.
මෙම වෙළඳසැල් සේවකයන්ගේ PCR පරීක්ෂණ අද (30) දින සිදුකිරීමට නියමිත අතර, සෞඛය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවදානම් තත්වයක් තිබෙන බැවින් නගරයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙසටයි.