කොවිඩ් ආසාදිතයින් 57 දෙනෙකු වාර්තා වෙයි

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්ධකාඩු මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාධිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 දෙනෙකුගෙන් යුත් පිරිසක් පී සී ආර් පරීක්ෂණවලට ලක් කරනු ලැබීමෙන් අනතුරුව මෙම ආසාදිත පිරිස වාර්තා වී තිබේ.

මීට අමතරව අද උදෑසන මාරවිල ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැණුනා. එම කාන්තාවද කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බවටයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුගියදා කොරෝනා ආසාදිතයෙකු ලෙසට තහවුරු වූ වැලිකඩ බන්ධනාගාර රැඳවියා මාස 3කට ආසන්න කාලයක් එම මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක් කළ අයෙක් වේ.

මේ ආශ්‍රිතව තවදුරටත් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *