දෙසැම්බර් මාසය ආරම්භයේ සිට මේ දක්වා පමණක් මී උණ රෝගීන් 466 දෙනකු සහ ඩෙංගු රෝගීන් 714 දෙනකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ 2020 ජනවාරි මාසයේ සිට ඊයේ (27) දින දක්වා කාලයේ ඩෙංගු රෝගීන් 30,377ක් වාර්තා වී ඇති බවයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වන 4,212ක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙනි.
මේ අතර මී උණ රෝගීන් 8,107ක් ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ වාර්තා වී වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 1550කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 417ක් වාර්තා වී ඇත.
සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින වසංගත රෝග තත්වය හමුවේ උණ රෝගය පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසටයි.