‘කුෂ්‘ සමඟ හතරක් ගුවන්තොටේදී මාට්ටු

රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි   ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ඊයේ(29 ) උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඒවා ඉන්දියාවේ මුම්බායි නුවර වෙත ගෙනැවිත් , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1185 දරණ ගුවන් යානයෙන් ඊයේඋදෑසන 07.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන අතර බොරැල්ල සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වේ . අනෙක් දෙදෙනා පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් දෙමටගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇසුරුම් 20 ක් තුළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 684 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *