කුරුණෑගල බුවනෙක රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානී සිදුකිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ වරෙන්තුව ලබාගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියි.