කළුතර – පුත්තලම දිසාපතිලා පත් කරයි

කළුතර සහ පුත්තලම පරිපාලන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්  තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට පුරප්පාඩුව පවතින කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුර සඳහා දැනට පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී එච්. එම්. එස්. පී. හේරත් මහතා පත් කිරීමටත්, එමඟින් පුරප්පාඩු වන පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුර සඳහා දැනට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී වයි. අයි. එම්. සිල්වා මහතා පත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *