කලම්බු කණ්ඩායමට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පැවැති තරගයකින් සුපිරි ජයක් ලබාගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය.

ඒ ගෝල් බී-ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කළේය.

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 59ක් රැස්කළ අතර නුවනිදු ප්‍රනාන්දු ලකුණු 28ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 158ක ජයග්‍රහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි බී-ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 130ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *